Saturday, May 30, 2015

අත මරණාදාර සමිතියේ භීතිකාව ( The B thikaawa Of Hand kiling Organization )

අවුරුදු සමය ඉක්මවූවත්ම මා හට ලැබෙන පරීක්ශන කටයුතුවල ප්‍රමාණයද ක්‍රමයෙන් ඉහල යන ස්වරුපයක් දැනෙමින් පැවතිනි .. ඉහල වහලයේ සිදුරින් වැටෙන හිරු එලියට රත් කරමින් තිබූ දෑතට අමතරව එවකටත් මගේ නෙත යොමුව තිබුනේ වංශවත් පුද්ගලයෙකු මා වෙත එවා තිබූ ලිපියක් වෙතයි . එහි ලිවීම සදහා යොදාගෙන තිබුනු තීන්ත සහ කඩදාසි කොලයෙන් ආ සුවද විලවුන් තුලින් ඔහු වංශවත් පුද්ගලයෙකු බව මනාව ඔප්පු විය . එ සමගම " සර බර " ලෙස කොල පෑගෙන ශබ්දයක් පහත මාලයෙන් ඇසුනු වහාම මමද මා නැවතී සිටි ඉහල බෝඩිම් කාමරයේ ජනෙලය තුලින් එදෙස විපරම් කල පසු දක්නට ලැබුනේ වේලුනු පැපොල් කොල අහුලමින් පැපොල් ගස වට කැරක්න සහායක මිත්‍ර සහ දක්ශ කොන්දොස්තරයෙකු වන ජහුටා ගෙ රුවයි .

" සුබ උදෑසනක් මිත්‍ර ජහුටා ... උදෑසනම හොර පොල් අහුලන හැඩයි " මා පිටකල වදනට එක්වැරම තිගැස්සී වට පිට බැලූ ඔහු

" හොර පොල් කෙසේ වෙතත් හොර පැපොල් කොල නම් අහුලනව මිත්ර්‍යා ... අපට වෙල්ලමුල්ලිවයික්කාල් වලට යනකම් ඇති ප්‍රමානයට මම උදේ ඉදල වෙලුනු කොල ගොඩක් අහුලගත්ත "

" බොහම හොදයි මිත්ර්‍යා .. වෙල්ලමුල්ලිඅයික්කාල් ප්‍රදේශයට යාමට අවශ්‍ය කරන බඩු සියල්ල සූදානම් කරගන්න ..අපට "RJ " යන පුද්ගලයාඅගේ ගැටලුව විසදීමට හැකි තරම් ඉක්මනනින්  ඒ ප්‍රදේශයට යා යුතුව තිබෙනවා " වම්පස මෙසය මත තිබූ වංශවත් පුද්ගලායාගේ වියුරුනු අකුරු සහිත ලියුම් කැබැල්ල දෙස බලමින් මා ජහුටා හට හඩනැගුවෙමි .

" මම කෝකටත් කියල ජිමී ...අපේ ආරක්ශාවට ..... කානු දෙකේ පිස්ටල් එකයි අත් බෝම්බයයි ... මරාගෙන මැරෙන බෝම්බෙකුයි තුනම දාගත්ත ...අපිට සතුරු තර්ජන නම් කොයි ලෝකෙ ගියත් නැති වන්නේ නෑ " ජහුටා පහත මාලයෙ සිට වියලුණ පැපොල් කොලයක් තේ කුඩ්ඩක් ප්‍රමානයට තුනී වන සේ පොඩි කරන අතරතුර මා හට ප්‍රකාශ කලේය .

"ජහුටු මිත්‍රයා ...මතක් කරලා රම්‍යා ඇන්ටී හදාපූ ආස්මී කිහිපයක් ගන්න ... එවා අපට මේ ගමනට ගොඩාක් ප්‍රයෝජනවත් වෙවී ..."

" බොහම හොදයි මිත්‍රයා .. එහෙනම් තව පැය බාගයකින් බෝඩිම් ගෙට්ටුව අසලදි හම්බෙමු ..මම ජෝර්ජ් කොල්ලගෙ ත්‍රී වීලර් එක කතාකරගත්ත ..ස්ටේශමට යනකම් ඔහු අපිත් එක්ක ඒවී " ජහුටා එසේ පවසා මුහුන සේදීමට පිටවුනු පසු  RJ නමැති පුද්ගලයා ගැන නොයෙකුත් අකාරයෙ සිතුවිලි මනසට ගලා එන්නට විය ..එම ප්‍රද්ශයේ සිට මා හටම ඔහුග් ගැටලුව යොමු කිරීම තරම් ඇති පුද්ගලිකත්වය කුමක්ද ? දුරකතන ඇමතුමක් , ඊ මෙල් පනිවුඩයක් හෝ විද්යුත් ජාල පනිවුඩයක් යොමු නොකට ඉස්තරම් ඉන්දියන් කඩදාසී කොලයක මෙරට බාවිතා නොවන තීන්තයකින් හදිසියේ ඔහුගෙ ලිපිනය සහ ඉතාමත් කෙටි පනිවුඩයක් මෙසෙ දැක්ව්වූයේ කිමක් නිසාද ?

" ජිමී පරීක්ශකයා ... අපගේ පවුලලොකු අමාරුවක ..ඉල්ලන ඕනෑම ගානක් දෙන්න සූදනම් ...පැමින හමුවන්න ..අංක 56 , චාල්ස් පිල්ලේ මාවත , ව්ල්ලමුල්ලිවයික්කාල් " -RJ -

මුදල් ආශාවකට වැඩියෙන් එම ප්‍රදේශයේ නැවතී සිටීමට මා හට බාලවත් ආශාවක් 2006 වසරී සිට හට ගෙන තිබින . උදෑඑසන 9.30 වන විට රම්යා ඈන්ටී විසින් සකසන ලද පතූල ව්යාංජනය සහ සුදු කෑකුලු බත් ගන්නා මොහොතී සිටම ජහුටා ගී මුහුන මෑලවුනු මල කදක් සී දිස් වන්නට විය . ඔහු කතිකා කර ගත් පරිද්දෙන් ජෝර්ජ් මල්ලී ලෙස ස්ටිකරයක් ඈලවූ ත්‍රී රෝද රතයෙන් දුම්‍රිය ස්තානය දක්වා ගොස් අපගේ දීර්ග ගමන වූ වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදීශයට ගමන් කරන්නට වුනෙමු .

"අර ගෑනිගී පතෝල කරිය නිකන් බන්දු අයියගෙ කසිප්පු වගෙ මටනම් දෑනුනෙ මිත්‍රයා .. ඔබට දෑනුන විදිය මොනවගේ එකක්ද ? " දැඩි නිහඩතාවයට තිත තාබමින් ජහුට හඩනැගුවේය .

" ඔබහට .. රම්‍යා ඇන්ටිගේ දුව පියුමි නංගිව මතක් වෙලා වගෙයි මිත්‍රයා ... මට පිටුපස පෙට්ටියේ සිටින කාන්තාව ඇය තරම් සුදුසු නැති හැඩයි "

" ඒත් ... ඔ .. බ ... කොහමද ???"ජහුටා කලිසමේ මලපහ වූවෙකු සේ ආහස පොලව ගැටලන්නට විය .

" හරිම සරලයි .... මේ වගේ ඔබ නොදන්න ප්‍රදේශයක ගමන් කරද්දී පරිසරය දෙසට දෑස් යනවාට වඩා කෝච්චියේ පිටුපස බලන් ඉන්න නිසාත් .. ඔබේ අත පිටුපස පසුම්බිය තුලට කිහිප වතාවක්ම ගමන් කරනව දුටුව නිසා මම පහුසුවෙන් නිගමනය කලා ... පසුම්බියේ ඇති දුරකතන තුණ්ඩු පිලිබදව මින් පෙර එක් වතාවක මා හට පැවසුව මතකයි මිත්‍රය "

" ඒත් මම පියුමි නංගිව මතක් කල විත්තිය ????" ජහුට සාක්කුව තුල ඇති බීඩියක් ගෙන ඔහුගේ දකුනත මහපටෙගිල්ලට ගසමින් විමසන්නට විය .

" ම්ම්ම් .... ඔබට මේ තරම් දුරකට ඇන්ටීගෙ පතෝල කරිය ගැන සිතන්නට වුවමනා වෙන්නේ නෑ නේද මිත්‍රයා ??? ... ආ එක නෙමෙයි ... මීලග ස්ටේශමෙන් බැහැගන්න මිත්‍රය .. අපට RJ ව හම්බෙන්න තව සුලු මොහතකින් පුලුවන් වේවි ." නැවත වරක් ආර් ජේ පුද්ගලයා එවූ ලිපියෙහි එති ලිපිනය දෙස බලමින් අප ගෙන ආ මලු කිහිපය සකස් කර්ගැනීමට යොමු වූවේ අපහට ඇති භයානක අබිරහසක ඉවක සේයාවක්ද සිතට දැනෙමින්‍ය .



------------------- මතුසම්බන්දයි ---------------------------------------------



No comments:

Post a Comment