Sunday, January 17, 2016

:::: ගොලු මරණය ( The Unspokanable Daeth V ) 5 කොටස ::::

“ ආ … හොරෙන්ම අල්ලපු වත්තෙ තැබිලි වල්ල බාගන්න නේ ? ඔව්ව කැත වැඩ ඈ !! ඔබ හිතුවද මම තැබිලි වල්ල දැක්කෙ නෑ කියලා මිත්‍රය ??? “
“ කට වහගෙන වැඩේ කරපන් මිත්‍රය .. වල්ලක් කත නොකර …! මම ආසන්නයට ඇවිල්ලයි ඉන්නේ “ යැයි පවසමින් ඊලග හෝඩුවාව සොයාගෙන මා පැන්නෙ නිවසේ වැටෙන් එහාටය .

වැටෙන් එහා තිබුනේ කුඩා අඩි පාරකි .. එය වෙල දෙසට ගොස් ගම්මානයේ ඇති ප්‍රදාන පාරට යා හැකි පාරක් නමුත් ගල් මුල් සහ කූඩැල්ලන් පිරි ඒ කුඩා අපිරිසිදු මාර්ගය එතරම් පිරිසක් බාවිත කර නොවැන්නක් බව බැලූ බැල්මට පෙනිනි . මග දෙපසින්ම් මා හට අවැසි හෝඩුවාවන් පැය කිහිපයකින්ම තනිවම හොයාගන්නා තුරු ජහුටා කුඩයත් ඉසලගෙන ඕස්ට්‍රේලියා සිතියම දෙස කුරුමානම් අල්ලමින් සිටියේය .

“ ජහුට ඉක්මනින් කුස්සිය පැත්තට යමු රාත්‍රී ආහාරය සූදානම් වෙන බවක් දැනෙනව ! “

“ ඔව් ජිමි .. මට කරෝල බදින සුවද තදින්ම දැනුන .. අපි යමු විජහට ! “

“  ජිමී මහත්මයා අද රෑට කන්න ඔබලාට ඉදි ආප්පයි කිරිහොද්හියි සූදානම් කරල තිබෙන්නෙ .. මහන්සිත් ඇතිනෙ ! “ ඇගේ නිවසෙහි කුස්සියට ඇතුලු වූ පසු අප වෙත පවසන්නට විය .

“ කරවල බදින සුවද ???? ! “ ජහුටා තමන්ටම කියාගන්නා හඩ මට ඇසුනි .

“ ඒක පුදුමයක් නෙමෙයි මිත්‍රයා ,, ලැට් වලක් මත පැය ගානක් සිටගෙන සිටි ඔබේ නාසයෙහි බැදි රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා දක්වූවේ කරෝල බදින සුවදක් ලෙසට .. විශව විද්‍යාලයේ පලමු වසරේදී මම නාසයෙහි බැදෙන කාබනික රසායන ප්‍රතික්‍රියා ගැන ඉගෙනගත්තෙ ජහුට ! “

“ ඔබ නම් සැබෑ දක්ශයෙක් ජිමී මහත්මය .. ඉතින් මරණය පිලිබද අලුත් තොරතුරු මොනවද ? “  කෑම මේසයෙහි අසුන් ගන්නා ගමන් මෙනවිය හඩ අවදි කලාය .

“ නංගීගෙ පෙම්වතා පිලිබද ඔබ දැන සිටියාද ? “

“ ඇයට පෙම්වතෙක් සිටියේ නැහැ ! “

“ රහස් ආදරයක් .. නමුත් ඔබටයි , පියාටයි , මවටයි පමනයි ! ඔබගේ පුන්චීට හැර ! “

“ මොකක් ?! “ ඈ කලබලෙන් පවසද්දි හඩ නැගුවේ ජහුටාය .

::::: ගොලු මරණය ( The Unspokanable Daeth IV ) 4 කොටස ::::

“ අනේ මේ ! මගෙ නමවත් හරියට කියාගන්න බැරි එකෙක් එක්ක මම ඉන්නෙ මොකටද ? ජිමී අහත්මයියා අපි යමු ! “ යැයි පවසා ඈ මා සමගින් එද්දි අපගේ පරීක්ශනයට හෝඩුවාවන් එකතු කර ගැනීම පිනිස ජහුටාද කුඩයක් රැගෙන අප පිටුපසින් බැන වදිමින් එන්නට විය .

මෘත ශරීරය තිබුනු ස්තානයෙහි කිසිද හානි වීමක් වැසි ජලයෙන් නොතිබුනි . මා සිතා සිටියේ අදික වර්ශාවට එහි ඇති පොඩි හෝඩුවාවක් හෝ මග හැරෙන්නට වෙතැයි සිතාය . මලකද තිබූ ස්තානයට උඩින් තිබූ  කුස්සියෙහි වූ ටකරන් වහලයට පිං සිදු වන්නට මා හට පරීක්ශනය සුබ අයුරින් පටන් ගැනීමට පුලුවන් විය .

“ මලකද ඔබ දකිද්දි තිබුනේ උඩු බැලි අතටද ? අනෙක් අතටද ? “

“ මුහුන පොලොවට වෙන්නට යටි පැත්තට … ඔලුවෙ පිටුපස දකුනු පැත්තට වන්නට  තමා ගල් ප්‍රහාරය වැදිල තිබුනෙ “

“ ඔබේ ගොලු සොයුරිය මහත උස තැනැත්තියක්නම් වෙන්නට බෑ නේද සනුහාරිනී මෙනවිය ?? “

“ ම්ම්ම් ඔවු ඇය එතරම් උස නෑ .. බොහම කෙට්ටුයි !... කොහමද ඔබ ??? “

“ ඕකට  දිවැස් තියනව නංගි .. මම ඕස්ට්‍රේලියා යනව කියල ….” ජහුටා ඉසිලූ කුඩයත් සමග හඩනගන්නට විය .

“ මල සිරුර අවට ඔබේ සොයුරියගේ අඩි සලකුනු තිබෙනව ,, තරුනියන් පලදින කුඩා පාවහන් යුගලක සලකුනු .. අනෙක් එක නම් එම අඩි සලකුනු පොලවට එතරම් ගිල බැස නැති වීම සහ පාද වල ඇති ප්‍රමානය තුලින් තමයි එය නිගමනය කලේ ,,! ආහ් !!! පොඩ්ඩක් ඉන්න ! “

“ ඒයි මිත්‍රයා … ඔබ මොකද ඔය පොලොව ලෙවකන්න හදන්නෙ ?? “ ජහුටා නැවත හඩනගමින් නොදැනුනා සේ තරුනියගේ උරහිසට අත තබන අයුරුත් ඈ ඔහුට රවා ඔහුට බනින අයුරුත් මා හට දැකගන්නට පිලිවන් විය .

“ මිත්‍රයා …! මම මේ අත් කාචෙ ඇරන් අඩි සලකුනු බලනව .. ඒ එක්කම පොඩි සැකයක් ? ! “

“ ඒ මොකක්ද මහත්මයා ? “ තරුනියද පොලවට එබිකම් කර ඇසුවේ මහත් කලබලයෙකිනි .

“ ඔබෙ සොයුරියගේ අඩි සලකුනු තිබෙන්නේ මල සිරුරට ඉදිරිපසින් වීම . නමුත් හිසට වැදිල තිබුනෙ පිටුපසින් .. ඇගේ අඩි සලකුනු කිසිවක් හිසට පිටුපසින් නැහැ ! ! ඔබට තේරෙනවද මා කියපු දේ ? “

“ ඔවු රහස් පරීක්ශක තුමනි , මට මගෙ නංගිව පොඩ්ඩක්වත් සැක නෑ .. ඇය අම්මාට තිබ්බෙ පුදුම ලෙන්ගතුකමක් ,, නමුත් ඈ ඔසවන් සිටපු ගල මමත් පුන්චිත් හොදින් දැක්කනෙ !! ? “

“ හ්ම්ම්ම් … අපි බලමු ඔබේ නැගනිය දිවන් ආවෙ කොහෙ සිටද කියල එහනම් ! “  ගොලු තරුනිය මල සිරුර දිසට ඉදිරියෙන් දිව ආ පා සලකුනු වහලයේ අවසානයෙන් නතර විය .  ඉන් එහාට වර්ශාව නිසා කිසි අඩි සලකුනක් නොතිබුනු නමුත් ඈ දිවන් ආ ස්තානය යැයි සිතිය හැකිව තිබුනේ පොල් අතු දා වෙන් කල තිබූ නිවෙසෙහි පිටුපස වැටයි .

“ ජහුටා ඔබ වැට හොදටම පරීක්ශා කරන්න ! මම පොඩ්ඩක් වැටෙන් එහාට පැනල එන්නම් ! “

“ ආ … හොරෙන්ම අල්ලපු වත්තෙ තැබිලි වල්ල බාගන්න නේ ? ඔව්ව කැත වැඩ ඈ !! ඔබ හිතුවද මම තැබිලි වල්ල දැක්කෙ නෑ කියලා මිත්‍රය ??? “
“ කට වහගෙන වැඩේ කරපන් මිත්‍රය .. වල්ලක් කත නොකර …! මම ආසන්නයට ඇවිල්ලයි ඉන්නේ “ යැයි පවසමින් ඊලග හෝඩුවාව සොයාගෙන මා පැන්නෙ නිවසේ වැටෙන් එහාටය .

::::: ගොලු මරණය ( Unspokanable Death III ) 3 කොටස ::::

“ පුංචී .. පුංචී !!! මේ ඩෙංගු අල්ලන කට්ටිය නෙමෙයි ඇවිල්ල ඉන්නෙ !!!! මම කියපු රහස් පොලීසියේ දෙන්නා !!!!! “ ඈ එසේ හඩනගද්දි ජහුටා තමන් හැදගෙන ආ කාකි ඇදුම දෙසත් මාගෙ මුහුන දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය .

“ මටනම් මෙ පරීක්ශනේ පටන් ගන්නත් කලින් තිත්ත වෙලා ජිමී ! “ ජහුටා රහසේම මා හට කොදුරද්දි මා දැඩි වර්ශාපතනයට සහ සුලග ට සෙලවන අවට ගස් දෙස බල සිටියෙමි .

“ හොදයි සන්සාරිනි මෙනවිය ,,,, ! “

“ මම සනුහාරිනි මහත්මයා .. සන්සාරිනී නෙමෙයි “

“ හොදයි සනුහාරිනී මෙනවිය ඔබේ ගැටලුව කෙටියෙන්ම පවසන්න ! “මාත් ජහුටාත් ඇයගේ නිවසෙහි සාලයෙ තිබූ පුටු සැටිය මත දිගාවන්නට වුනෙමු ,

“ මගේ අම්ම … පෙරේදා රෑ … අන්තරා උනා ……..!!! ඒත් ගලක් අතේ ඇරන් එතන හිටියෙ මගේම ගො ලු න ංගි ……..! “ ඉකිබිදින හඩකින් ඇය පවසන්නට ඉය .

“ ඇය උපතින්ම ගොලු තැනැත්තියක්ද ? “

“ ඔවු .. උපතින්ම …. “

“ හරි ,, ඔක්කම දේ අකුරක් නෑර පවසන්න සරුරෝහිනී මෙනෙවිය ! “

“ මිස්ටර් ජිමී මම සනුහාරිනී .. හරි ඒකෙන් වැඩක් නෑ .. ! පෙරේද රෑ හොදටම වැස්ස ,, ඉතින් මමයි ,, නංගිඔයි අම්මයි පමනයි ගෙදර හිටියෙ ,, තාත්ත නුවර එලියෙ .. රැකියාවෙ .. ඉතින් අපි තුන්දෙනා විතරයි හිටියෙ .. අපි තුන් දෙනා රෑට කාල නිදාගන්න ගියා .. අම්ම රෑ නැගිටල නංගි හොයන්න ගත්ත .. එයා අපි තුන්දෙනාම නිදාගත් ඇදේ සිටියෙ නැති නිස .. ඉතින් අම්ම මහ රෑ මට ඉක්මනින් එලියට දුව ගියා … එක වැරම අවා මහ ලොකු සද්දයක් මිස්ටර් ජිමී .. ඒත් එක්කම අම්මාගෙ විලාපය !!!! “

“ මට මොහතක් දෙන්න .. ජහුට කට ඇරගෙන බලා නොඉද සටහන් කරගන්න මේව …”
“ එක්සියුස් මී මිස්ටර් ජිමී .. මට පොඩි ප්‍රශ්නයක් තියනව සරු මෝහිණී මෙනවියගෙන් අහන්න ! “

“ ඇගේ නම සනුහාරිනී මිත්‍රයා .. ඔව් ඇගෙන් අසන්න ! “

“ ඈ කිව්ව නංගි ගොලුයි කියල .. නමුත් අම්ම මිය යද්දි විලාප දුන්න කියල ! මට දැනගන්න ඕන මැගේ පියා ද ගොලු අම්මද ගොලු කියල එච්චරයි ! “

“ නෑ නෑ අපෙ පවුලෙන් ඇය පමනයි ගොලු මිස්ටර් ජිමි ..” ඇගෙන් ලද පිලිතුරෙන් පසු ජහුටා ආඩම්බර ස්වරූපයකින් තම කාකි ඇදුම තුලින් දුර්වර්න කඩදාහියක් රැගෙන ඉතිරි වැදගත් සිදුවීම් ලියන්නට පටන් ගන්නට වුනි .

“ ඉතින් නංගි ගලක් ඇරන් අම්මගෙ ඔලුව ලගම වාඩිවෙලා හිටියා … විශාල ගලක් එයාගෙ අතේ .. කෑ ගහගන්නවත් බැරි එයා කට ඇරගෙන හිටියේ පුදුම වේදනාවකින් .. වැස්සට තෙමිලා හිටිය කොන්ඩෙත් කඩාගෙන .. අම්මගෙ ඇගෙත් නංගිගෙ ඇගෙත් ලේ හොදටම තියනව දැකල මට එ වෙලෙ ආ කම්පනයට සිහිය විකල් වෙලා නැවත සිහිය එද්දි නංගි හිටියෙ අම්මගෙ මලකදටම වැටිල සිහිය විකල් වෙලා …..මම අල්ලපු ගෙදර පුන්චිත් සමග අම්මව රෝහලට ගෙන ගියත් ඇය අන්තරා වෙලා බොහෝ වෙලාවක් කියල මට හොදටම තේරිලයි තිබුනේ මිස්ටර් ජිමී ! “

“ සනුහාරිනී මෙනවිය ..! ඔබේ නංගි මේ මොහතේ කොහෙද ඉන්නෙ ? “

“ මිස්ටර් ජිමී .. අම්ම නැති උනු කම්පනයට ඒ අසරනීට සිහිය විකල් වෙලා කියලයි දොස්තරවරු කියන්නෙ .. මගේ පියා ඈත් සමග පොලීසියේ රැකවල් මැද නුවර ඉස්පිරිතාලයේ වාට්ටුවක නතර වෙලයි ඉන්නෙ …” ඇගේ කතාව නිමවෙන්වත් ස්මගම අප ගෙතුලට එන්නට පෙර දිවූ ඇගේ පුන්චී විසින් උනුසුම් තේ වීදුරුවක් අප වෙත ලැබෙනට විය .. අදික වර්ශාව නිසා සීතලට හැකිලී තිබූ අපගේ ශරීරය උනුසුම් කරගැනීමට එයින් හැකි වුනි .

“ ජහුටා ,, අපි දෙන්න පොඩ්ඩක් සිද්දිය උ ඉස්තානය පරික්ශා කරන්නට යමු . සංහරනී මෙනවිය ඔයත් කැමතිනම් ඇවිත් අපිට උදවු කරන්න පුලුවන් ! “

“ මේ බද වැස්සෙ ? ජිමී ඔබ විතරක් යන්න … මම සනුප්‍රබා මෙනවිය එක්ක පොඩ්ඩක් ඉදල ගිමන් හැරලම එන්නම් “

“ අනේ මේ ! මගෙ නමවත් රියට කියාගන්න බැරි එකෙක් එක්ක මම ඉන්නෙ මොකටද ? ජිමී අහත්මයියා අපි යමු ! “ යැයි පවසා ඈ මා සමගින් එද්දි අපගේ පරීක්ශනයට හෝඩුවාවන් එකතු කර ගැනීම පිනිස ජහුටාද කුඩයක් රැගෙන අප පිටුපසින් බැන වදිමින් එන්නට විය .

:::::: ගොලු මරණය ( The Unspokenable Death II ) 2 කොටස ::::::

                   


 “ 02/01/2016
නො 128/ඒ ,
මුදලිවත්ත , කඩුගන්නාව

“ මෙය බලන්නෙ කිසිම දැනුමක් නැති තකතීරු මෝඩයෙකි !”
ලෙහන්ගා සනුහාරිනි  -

“ බලන්න  මිත්‍රය ,,, දැන් මිනිස්සු අපිව විහිලුකාරයෝ කරගෙන ඉන්නෙ .. අපි වෙන රස්සාවක් හොයාගමු නිකන් බාර් එක ලග වඩේ විකුණන එකක් වගේ “ ජහුට තම අතැති ලියුම ඉහලට ඔසවමින් ප්‍රකාශකලේ දැඩි කෝපයකිනි .

“ මිත්‍රය .. පොඩ්ඩක් ඔබෙ අත ජනේලය දෙසට හරවන්න .. ලියුම් කඩදාහියත් සමගම ! “

“ ඒ ඇයි ? “

“ ලියුම එව්වෙ යම්තාක් බුද්දිමත් තරුණ්iයක් මිත්‍ර ජහුට “

“ ඔව් .. අපිට මෝඩයො කියන්නනම් උන් අනිවාර්යෙන් බුද්දිමත් වෙන්න ඕන .. ඔබ හිතන්න කලින් මම ඒක හිතල ඉවරයි මිස්ටර් ජිමී “

“ නෑ මනුස්සයො ! .. ඕක අව්වට අල්ලල බලනව පොඩ්ඩක් .. ! විනිවිද පෙනෙන චයිනීස්  පෑනකින් යටින් ලියල තියන කොටස පොඩ්ඩක් කියවලා බලන්න “ ජහුටා හැරගත් මුකය වසාගන්න ගමන් එය මහ හඩින් කියවන්න විය .

“ හිතවත් ජිමියා මහතානෙනි , අපගේ මවට මාගෙ ගොලු සහෝදරිය විසින් ඔලුවට ගලකින් ගසා ගාතනය කරනව අතටම අසුවුන .. නමුත් එය විය නොහැක්කක් , ඇය මවට බොහො ලෙන්ගතුයි , නමුත් අන් අය හැමෝම සැක කරන්නෙ ඇයව . මට මවගේ මරණය ගැන සැකයක් තිබෙනව .. කාටත් රහසේ මා ඔබේ උදව් උපකාර බලාපොරොත්තු එමි .”

“ හහ මිත්‍රය ,, වහාම ඔය සරම ගලවලා අපි යමු කඩුගන්නාවට !” මාගෙ ඉල්ලීම පරිදි ජහුටා සිය ඇදුම මාරු කරගෙන තිබිනි . නමුත් එය වෙනස් ආකාරයේ එකක් විය . යම් තැනකින් සොයාගත් කාකි ඇදුමකින් සැරසුනු ඔහු පොලිස් කාරයෙකු සේ  දිස්  වන්නට ඉය .  අදික වර්ශාපතනය ඔස්සේ අප ඇය එවූ ලිපිනය සොයාගෙන ගියෙමු . ඇත සිටම අප එනවා දුටු කාන්තාවක් නිවස තුලට දිව ගියේ මාගෙ කුතුහලයද රැගෙනය .  ඉන්පසු නිවස තුල සිට සුදුමැලි ඌ දෑස් කලු පාට වූ නමුත් අතිශය රූමත් තරුනියක් අප දෙදෙන එනු දැක හඩනගන්නට විය .

“ පුංචී .. පුංචී !!! මේ ඩෙංගු අල්ලන කට්ටිය නෙමෙයි ඇවිල්ල ඉන්නෙ !!!! මම කියපු රහස් පොලීසියේ දෙන්නා !!!!! “ ඈ එසේ හඩනගද්දි ජහුටා තමන් හැදගෙන ආ කාකි ඇදුම දෙසත් මාගෙ මුහුන දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය .

::::::: මතු සම්බන්දයි :::::::

:::: ගොලු මරණය ( The Unspokenable Death I ) :::



වර්ශ අවසාන දෙසැම්බර් දින වල තිබුනේ  අපගේ පාං බේකරි වීදියම ගිලගන්නට සැරසුනු අන්දකාර මායාවක් මෙනි . අදික වර්ශාපතනය නිසා විසිත්ත කාමරයේ දකුණු පස කවුලුව වැසීමට යාමේදී මා දුටුවේ මාගෙ සහායක ජහුටා මැදි වයසේ කොලු ගැටයන් පිරිසක් එකාසු කොට වැසි ජලයගලා බසින කානුවක කඩදාසි බෝට්ටු යවන දර්ශනයකි . මා  විසින්  අසල තිබූ රම්‍යා ඇන්ටී විසින් ගෙන ආ උණ්uසුම් කෝපි කෝප්පය පානය කල පසු ජහුටා ද කලබලයෙන් විසිත්ත කාමරය තුලට තෙත බරිත දියබරියෙකු මෙන් ගොඩ වැදෙන්නට විය .

“ පොඩි කොල්ලො ටිකට ටයිටැනික් නැව ගිලුනු හැටි පෙන්වුව ජිමිය ! “ ඔහුගේ තෙත බරිත වූ කබායේ සාක්කු තුලට අත් දමාගෙන ඔහු පැවසූවේ අසීමිත සතුටකිනි .

“ මිත්‍රය . . ටයිටැනික් නැව ගිලුනේ ඕස්ට්‍රේලියා යන මුහුදු මාර්ගය තුලමද ?? “ මාගේ ඒ වදනින් ජහුටාගේ මුහුන කොංගො වනාන්තරයේ බැබූන් කෙනෙකු මෙන් විකුර්ති තත්වයට වැටී අසීමිතව කලබල වී මා හට ආමන්ත්‍රනය කරන්නට වූවේය .

“ ඔබ මොකක්ද ඔය මිත්‍රය වහින් ඔරෝ කියන්නෙ ? “

“ දවස් ගනනක සිට රහසේම කොල්ලො කුරුට්ටො රන්චුවකුත් ඇරගෙන ඕස්ට්‍රේලියාවට පනින සැලසුමනම් මා දන්නෙ නැති බවද ඔබ සිතන්නේ ජහුට ? “ ඩන්හිල් සිගැරැට්ටුවේ ඇති ස්විචය බිදන ගමන් මා ඔහුට ප්‍රකාශ එලෙමි .

“ ඒත් ඔබ කොහමද ???? “

“ හරිම සරලයි මිත්‍රය .. පසු දිනක මේසය මත මා තබා ගිය සිතයම් පොතෙහි ඕස්ට්‍රේලියා මුහුදු මාර්ගය ඇති පිටුව නැතිවී ඇත්හි බව මට දැනෙන්නට ඒ හැටි වෙලාවක් ගියෙ නෑ ජහුට .. එහි අනෙක් පිටුවෙහි  ඇති දුර්වර්න ඇගිලි සලකුන ඔබ රාත්‍රියෙහි බාන රා  මුට්ටි වල ඇති දැලි සමග මිශ්‍ර වූ සලකුනුයි . නුබ වැනි අයෙකු එවැනි පිටුවක් සොරකම්කලේ ඇයිද සිහි කරද්දි මා අද දුටුවා නුබ කොලුගැටයින්ට ලී පතුරක් රැගෙන වෙඩි තබන දර්ශනයක් .. එය නාවික හමුදාවක් තුලින් බෝට්ටුවේ ගමන් ගන්නා අයෙකුට වෙඩි තබන දර්ශන බවට වටහාගන්නට මට ඒ හැටි වෙලාවක් ගත වුනේ නැහැ මිත්‍රයා ..! “

“ මම ඒ පෙන්නුවේ සෝමාලියන් ඇටෑක් එකක් මිත්‍රයා .. නමුත් නුබ ඕස්ට්‍රේලියා යන කතාව ගැන කිවු දේ 100% ඇත්ත “ පරාජිට්ත ස්වරූපයකින් ජහුටා මා හට පිලිතුරු දෙද්දිම අපගේ වම්පස ඇති කවුලුව තුලින් ලියුම් කැබැල්ලක් අප දෙදෙනා අතරට වැටෙද්දී කවුලුව අසලින් විදුලි වේගයකින් දිව ගියේ බෝඩිම් හිමිකාරිනියගේ දියණ්iය වූ පියුමී නැගනියයි .
“ ආ .. ඕක මට ආපු ලවු ලෙටර් එකක් ජිමී මහත්මය ..! මට ගන්න දෙන්න ! “ බුමුතුරනය මත වූ ලියුම් කවරය ඉරා දැමූ ඔහු ඊඉජිප්තු පාරාවෝ ප්‍රතිමාවක ස්වරූපයෙන් ගල් ගැසී මුහුණ ඇබුල් කොට දුර්වර්ණ කඩදාසියක් මා තුලට දිගු කරන්නට විය .

“ 02/01/2016
නො 128/ඒ ,
මුදලිවත්ත , කඩුගන්නාව

“ මෙය බලන්නෙ කිසිම දැනුමක් නැති තකතීරු මෝඩයෙකි !”
ලෙහන්ගා සනුහාරිනි  -
::::::::::::::::: මතු සම්බන්දයි :::::::::::::::::

Saturday, June 6, 2015

::::: 3 කොටස අත මරණාදාර සමිතියේ භීතිකාව ( The B Thikaawa Of Hand Killing Organization Part III ) :::::::::::

PREVIOUSLY ON :- " ජිමී පරීක්ශකයා ... අපගේ පවුලලොකු අමාරුවක ..ඉල්ලන ඕනෑම ගානක් දෙන්න සූදනම් ...පැමින හමුවන්න ..අංක 56 , චාල්ස් පිල්ලේ මාවත , ව්ල්ලමුල්ලිවයික්කාල් " -RJ -


PREVIOUSLY ON :- " කලබල වෙන්න්පා මිත්‍රය ...ඔබට ප්නෙනවාද අපට ඉදිරියෙන් ඇති රතු පාට ගෙට්ටුවේ ගසා ඇති ලිපිනය ? " ඇතැති වූ ඉන්දියන් කඩදාසි කොලය ජහුටා දෙසට දිගු කරන විටම නිවස තුලින් එලිඅයට පැමිනියෙ උඩු රැවුල පමණක් හොදින් වැඩුනු ශක්තිමත් ශරීරයක් හෙබි වයස අවුරුදු 33 පමණ අයෙකි . අපට මගපෙන්වූ කොලු ගැටයා අපව ඔහුට හදුන්වා දී මා ඔහුට ලබා දුන් රුපියල් පන්සියයේ කොලයද උණ්ඩි කරගනිමින් අපට සමුදී නික්ම ගියේය .

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

" අපෙ පවුලෙ මුලින්ම අතේ ගහල තියෙන්නෙ ..අපෙ මුත්ත .. එ වයස අවුරුදු පහලවේදි විතර ..ඊලගට අපේ සීයා අපෙ මුත්තගෙන් පුරුදු වෙලා මුලින්ම අතේ ගැහුවෙ පොඩි කාලෙදිම ..  වයසඅ වුරුදු හතෙදි විතර "
ආර් ජේ පුද්ගලයාගේ කතන්දරය මානා බලනා පිලිහිඩුවෙකු මෙන් අසා සිටි ජහුටා ගේ මුහුණ එක් තත්පරයෙන් ව්නස් වී මගෙ දෙස බැලුවේ දෑස් දෙකම සුවිශාල කරමින්‍ය .

" ඒත් අපෙ තාත්ත නම්  එය වයස අවුරුදු තිස් පහක් එනකම් කලේ නෑ රහස් පරික්ශක මහත්මයා ... අපෙ ආච්චිගෙ බලහත්කාරකම මත තමයි එයත් මුලින්ම පුරුදු උනෙ ... " සුවිසල් කරගත් දෑස් සිහින් වී ජහුටා මුව අයාගත්තේ සිනාසීමටය .. නමුත් මා ඔහුට වඩා ඉක්මන් විය .

" ආර් ජේ මහත්මයා .. මට ඔබලගෙ පවුද්ගලික කරුණු ගැන කියවා කාලය නාස්ති නොකට ඔබට උද්ගතව ඇති ප්‍රශ්නය පමණක් කතා කරගන්න පුලුවන් වේවිද ? "

" මෙක තමයි මහත්මයා මගෙ ප්‍රශ්නය .. අපෙ පවුලටම ඇති ශාපය එයයි .."

" ඔබ වඩා හොද වයිද්‍යවරයෙකු සමුවීම මිස අපගේ කාලය නාස්ති කිරීම නොවෙයි මිස්ටර් ආර් ජේ ...." ඉදන් සිටි අසුනෙන් නැගි සිටි මා වට පිට කිහිප වතාවක්ම බැලුවද අදුරු විසිත්ත කාමරයේ පිටවීමේ දොරක් සොයාගැනීමට අපහසු වී තිබිණ්i .

" හරි ආකාර වයිද්‍යවරයෙකුග් පිහිට නොමැතිව ඔවුන් සියලු දෙනාම අකාලයේ මිය ගියා මිස්ටර් ජිමී ..." හැඩූ කදුලෙන් තම දෑතෙන්ම ඔලුව වසාගත් ආර් ජෙ මා අසුනෙන් නැගිටිනවා දූටුවේ නැත ,

" හ්ම්ම්ම් ...." මෙම ප්‍රශ්නයට නිකරුණෙ හෝ සවන් දීමට සිතා ගත් මා නැවත වරක් අසුනේ හිදගත්තේ ගෙහිමියාට නොදැනෙන පරිද්දෙනි .

" පවුලෙ හැමෝම ඒ සමිතියෙ බොරු ඇදහිල්ලට පුරුදු වෙඋනා ජිමී මහත්මයා ... අපේ මුත්ත මුලින්ම කල ඒ වැරැද්ද නිසා මගේ පියා ගිය අගහරුවාදා මිය ගියා ...කලින් මුත්තා .. සීයා .. ලොකු තාත්තා .. සියලු දෙනාම මිය ගිය පරිද්දෙන් ..... "

"ආර් ජේ මහත්මයා .. මට හිතාගන්නනම් බැහැ ස්ව්‍යං වින්දනයක් තුලින් මිනිසුන් මිය යනවායි පවසන එක නම් ....."

" මොන ??? මොන ??මොන ස්ව්‍යං වින්දනයක් ගැනද කතාකරන්නෙ උබ ?? අතේ ගහපු අර පිස්සු සමිතියෙ විකාර පච්චය ගැන කියවද්දි ... ඔබතුමා ස්ව්‍යං වින්දනයක් ගැන කතා කරන එක හරිද ???? " ගෙහිමියා රත් පැහැ දෑස විහිදවමින් මා දෙසට හැරෙද්දි ජහුටා ද එයට මැදිහත් විය .

"ඔව් ඔව් ජිමී ...නිකන් අපි එහම කතා කරන එක වැරදි තමා ..ටිකක් වැදගත් විදියට හැසිරෙන්න තැනකට ආවම .. ආර් ජෙ මහත්තයා ඔය කියාගෙන යන්න ප්‍රශ්නෙ මොකක්ද කියල සන්සුන් වෙලා " ජහුටා වීරයෙකු මෙන් මා දෙසට කෑ ගසා පුටුවට හෙත්තු වන විට මාගෙ කන් දෙක තුලින් මද රස්නයක් පිට වන්නට විය . ගෙහිමියාගෙන් සමාව අයැද නැවතත් ඔහුට සවන් දීමට මා සැරසුනෙමි .

" පිස්සු සමිතියක් ... මලගිය උන් නැවත ගෙන්වන්න උන් පිරිමි අයගෙයි ගැහැන් අයගෙයි අතේ පුලුස්සමින් එක් එක් විකාර පච්චා කෙටුවා ... අපේ මුත්තා මියගියේ අවුරුදු හැත්තෑවක් පමන තිබියදි .. ඒකත් ගොඩාක් දුක් විදලා ... මම කිව්වත් වගේ අපෙ සීයා මියගියේ මුත්තා මියගිය සමානම අයුරින් ගොඩක් දුක් විදලා .. ඉන් පස්සෙ මගෙ පියත් වයස අවුරුදු හතලිස් හතරෙන් ..අනෙක් දෙදෙනාටම කලියෙන් ..නමුත් කලින් දෙදෙනා මියගිය අයුරෙන්ම ....... "

"පොඩ්ඩක් ඉන්න ... ඔබගේ ලොකු තාත්තෙක් ගැන කිව්වා නේද ??" ගෙහිමියාගෙ කතාවට බාදා කරමින් මා ඔහු දෙසට හරෙන්නට විය .

" ඔවු ..නමුත් ඔහු විතරයි පච්චෙ කොටලා බේරිලා ඉන්නේ ..."

" එත් ඔබ කලින් සදහන් කලේ ඔහු මියගියා කියල නේද මිස්ස්ටර් ආර් ජේ ???"

" එක කටින් පිටවු වැරදි වචනයක් ජිමී ... පවුල් මිය ගියෙ තුන් දෙනයි .. මුත්තා ,, සීයා හා තාත්තා පමනයි .. ලොකු තාත්තා පච්චය කෙටුවත් හරි සතියකින් ඇමරිකාවට ගියා .. ඔහු තාමත් ජීවතුන් අතර "

" ම්ම්ම් ... කතාව රසවත් වගෙ .. කරුණාකරල අපට සැර බීමක් ලැබෙන්න සලස්වන්න මහත්මයා .. හෙමින් සැරේ අපි ඔබේ ප්‍රශ්නය විසදමු ... " ගෙහිමියාට ආඅමන්ත්‍රනය කරමින් පසුපාසට හැරෙද්දී මාගෙ නෙත දිව ගියේ මේසය මත වූ පවුලේ සමූහ චායාරූපයක් වෙතයි .



---------------------------------------------------- මතුසම්බන්දයි ----------------------------------------------------

Monday, June 1, 2015

:::::: 2 කොටස - අත මරණාදාර සමිතියෙ භීතිකාව ( The B Thikaawa Of Hand Killing Organization Part II)

PREVIOUSLY ON :- " බොහම හොදයි මිත්ර්‍යා .. වෙල්ලමුල්ලිඅයික්කාල් ප්‍රදේශයට යාමට අවශ්‍ය කරන බඩු සියල්ල සූදානම් කරගන්න ..අපට "RJ " යන පුද්ගලයාඅගේ ගැටලුව විසදීමට හැකි තරම් ඉක්මනනින්  ඒ ප්‍රදේශයට යා යුතුව තිබෙනවා " වම්පස මෙසය මත තිබූ වංශවත් පුද්ගලායාගේ වියුරුනු අකුරු සහිත ලියුම් කැබැල්ල දෙස බලමින් මා ජහුටා හට හඩනැගුවෙමි .

PREVIOUSLY ON :- ආ එක නෙමෙයි ... මීලග ස්ටේශමෙන් බැහැගන්න මිත්‍රය .. අපට RJ ව හම්බෙන්න තව සුලු මොහතකින් පුලුවන් වේවි ." නැවත වරක් ආර් ජේ පුද්ගලයා එවූ ලිපියෙහි එති ලිපිනය දෙස බලමින් අප ගෙන ආ මලු කිහිපය සකස් කර්ගැනීමට යොමු වූවේ අපහට ඇති භයානක අබිරහසක ඉවක සේයාවක්ද සිතට දැනෙමින්‍ය .

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------



වෙල්ලමුල්ලි වයික්කාල් දුම්රිය ස්තානයෙන් බැසගත් පසු මට මතකයට නැගුනේ මීට අවුරුදු කිහිපයකට පෙර සහරා කාන්තාරයේ තුල විසදනු ලැබූ සහීරා මෙනවියගේ අබිරහසයි . එදිනද දරුණ්u  හිරු රශ්මිය නිසාවෙන් ජහුටා කිහිපවතාවකම සිහි විකල්ව ඇද වැටිනි . වෙල්ලමුල්ලිවයික්කාල් වලද එයට නොපරදින අව් රශ්මියක් නැතුවාම නොවේ .

" මහින්ද මහත්මයා නොහිටින්න අද අපට මේ ස්ටේශමෙන් පිටතට අඩියක්වත් තබන්න බැහැ මිත්‍රයා " තිස් වසරක වූ යුද්දය අවසන්කල එ අබීත නායකය ගැන තුල ඇතිවූ දැඩි ගවුරවකින් මා ජහුට හට ප්‍රකාශ කලෙමි .

" කවුද මහින්ද කියන්නෙ ? අර ගැටහැහ්ත ස්ටේශමෙන් අපට වෙල්ලමුල්ලිවයික්කාල් වලට ටිකට් කඩපු එකාද ?" ජහුටා හෙම්බත් වූ කටහඩින් එසේ ප්‍රකාශ කරද්දී මා ඉන් එහාට වචනයිකුවත් ප්‍රකාශ නොකට පාරෙ  මුනගැසෙන දමිල ජනතාවගෙන් ආර් ජෙ නැමැත්තා ගැන විමසනට වුනෙමි , මා තුල වූ දමිල බස හැසිරවීමේ දක්ශමින් හොද හැටි ප්‍රයෝජනයක් ලබාගත්ත්මි . නමුත් මුනගැසුනු සෑම අයෙකුම ආර් ජෙ නමාඑත්තෙකු ගැන නොදන්නා බව ප්‍රකාශ කරද්දි අපට වයස අවුරුදු 18ක පමණ ඉලංදාරියෙකු මුණ ගැසෙන්නට විය .

" ඒ තම්බී ??? නෙංගු රුක්ක ජේ ආර් පණ්ඩිලයා ඇඩ්‍රස් ඉල්ලෙයා ??? " කොලුගැටයාග්න් ජෙ ආර් නැමැත්තා ගැන විමසද්දි ඔහුගෙ මුහුනින් ආවේ අපහට බලාපොරොත්තුවක් තැබිය හැකි ඉරියව්වකි .

" ආර් ජේ  ??/ ණම්බ සුප්පර් අණ්ණා .. චාල්ස් පිල්ලෙ ඇඩ්‍රස් රුක්කියොන්ගයා .. වාංග වාංග " අගුරු කැටයක් බදු වූ අතින් අප හට ඔහු ප්‍රකාශ කලේ ඔහුග් පිටුපසින් පැමිනෙන ලෙසයි . කොංගෝ වනාන්තරයේ ගෝත්‍රිකයන්ට හසුවූ විදෙශිකයන් පරිද්දෙන් අප සෙමෙන් සෙමෙන් ඉලංදරියා පිටුපස ගමන් කරනට වුනෙමු .

" ඒ ජිමිය ..ජිමිය ..මිත්‍රය මට මූව නම් සත පහකට සුවර් නැ . අනික මට මුගෙ හෙවනැල්ලයි ..මූවයි දෙන්නව පැටලෙනව ..... දෙකම එක පාටනෙ " ජහුටා රහසින් කොදුරන්නට විය .

" කලබල වෙන්න්පා මිත්‍රය ...ඔබට ප්නෙනවාද අපට ඉදිරියෙන් ඇති රතු පාට ගෙට්ටුවේ ගසා ඇති ලිපිනය ? " ඇතැති වූ ඉන්දියන් කඩදාසි කොලය ජහුටා දෙසට දිගු කරන විටම නිවස තුලින් එලිඅයට පැමිනියෙ උඩු රැවුල පමණක් හොදින් වැඩුනු ශක්තිමත් ශරීරයක් හෙබි වයස අවුරුදු 33 පමණ අයෙකි . අපට මගපෙන්වූ කොලු ගැටයා අපව ඔහුට හදුන්වා දී මා ඔහුට ලබා දුන් රුපියල් පන්සියයේ කොලයද උණ්ඩි කරගනිමින් අපට සමුදී නික්ම ගියේය .

"ජිමියා රහස් පරීක්ශකයා .. කරුනාකරල ඇවිත් වාඩිවන්න " මනා සිංහල බස් වහරකින් ගෙහිමියා අපට අරදනා කලෙය .

" මිස්ටර් ජේ ආර් ?? එ ඔබ විය යුතුයි .. ලියුමෙහි අත් අකුරු පරිද්දෙන් ඔබ නිසැකයෙන්ම වමත හුරු පුද්ගලයෙක් "

" හහ ,,, ඔව් රහස් පරික්ශක ම්හත්තය .ඔබ සමග වාද කිරීමට අවශ්‍යතාවක් නෑ . වමත හුරු පුද්ගලයෙක් තමයි . සෑම වැඩක්ම කරන්නෙ වමතින්ම තමයි ..කන බොන එක පවා .." ගෙහිමියා අපට ආසන දෙකක් සුදානම් කරමීන් ප්‍රකාශ අලේය .

" ඔබ ගේට්ටුව ඇරීමටත් වැසීමටත් .. නිවසේ දොර ඇරීමාත් වැසීමටත් යොදාගත්තෙ වම් අත පමණයි ..එයින් මට මා සියයට සියයක් නිවැරදි බව හැගී ගියා .. ආර් ජේ මහත්මයා කරුනක්‍ර ඔබේ ගැටලුව වැඩි වෙලා නොයා දිගහරින්න " අසුනේ සුවපහසු අයුරින් හිදගෙන ගෙහිමියා දෙසට හැරෙන්නට වුනෙමි .



-----------------------------මතුසම්බන්දයි ------------------------------------------------------